අප යන ගමනේ...අප සැම නිකං නොයාවි ... අපේ රැචිකත්වය අනුව බොහෝ දේ රැගෙන යාවි...
අපි උපතින්ම රැගෙන එන ගමන් මගක් ඇත.. එය දෛවය අපට පෙන්වා දෙනු ඇත ..අප ඒ මගෙහි ඉදිරියට දිරිමත්ව යායුතුව ඇත... කොපමන බාධක මුන ගැසුනත් ....සමහරු වැටි වැටී නැගිට ඉදිරියටම යනු ඇත..
ඒ නිසා අප යන ගමනේ අතර මග හමු වන ප්‍රති විරුද්ධ දිශාවට ඇදෙන අයගේ පරස්පර විරෝධි මත ගැටුමි වලට අපට නිරතුරු මුහුන දෙන්නට සිදු වනු ඇත.. එසේම නිරතුරු මග දෙපස බාධක වැට කඩොලු ද හමු වෙනු ඇත.... නින්දා අපහාස අප වැරදි කලත් නොකලත් ප්‍රසංශාවට වඩා ලැබෙන්නකි.... ඒවාට මුහුන දෙන්නට ශක්තියක් අප සතු විය යුතුමය
සමහරු නොහැකිව තව දුරටත් ඉදිරියට යා ගන්න අතර මග නවතිනු ඇත... එසේ අතර මග නැවතුනත් ඉදිරියට ඇදුනත් කවදා හෝ ඒ ගමනෙහි කෙලවරක් දකිනු ඇත.
අප යන ගමනේ බාධක අවහිර වලින්පිරී ඇත... බොහෝ අය අප කරන හොද දේ නොව නරක වඩාත් දකිනු ඇත ... ඒවාට නොසැලී ඉදිරියට යා යුතුව ඇත ... නැති නමි අප මානසිකව ඇද වැටෙනු ඇත...
මෙ නිසා කරනා සැම දේම කල්පනාකාරීව සිදු විය කල යුතුවෙි. එසේ නොවුනහොත් යන ගමනට බාධා මතු කර ගැනීම තමා විසින්ම සිදු කර ගනු ඇත....
බැදීමි ඇති වන තරමට දුකත් ,බැදීමි ගිලිහෙන තරමට සතුටත් අප කරා ලගා වෙි ... එනමි උසුලා ගෙන යන බර අඩුවීමෙන් ගමන පහසු වෙි...... අතීතය ,වර්තමනය ,අනාගතය.. මෙ හැම කාලයම කෙනෙකුට වැදගත් වෙ. ඉන් අතීතයේ හොද මතකයන් සමරා සතුටු වෙන්නත් , අද දවසට එයින් යහපතක් වන්නත්, හෙට දවස සාර්ථක කර ගන්නත්, එය වඩා වැදගත් වෙ.... ඒත් වඩා වැදගත් වන්නේ අද දවස හොදින් ගත කිරීමයි
අපි හරි පැත්තෙන් ගියොත් කරදරවලට අනතුරු වලට අඩුවෙන් මුහුන දෙනු ඇත.. වැරදි පැත්තෙන් ගියොත් කරදර අනතුරු වලට වැඩියෙන් මුහුන දෙන්න සිදු වනු ඇත...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.