Wednesday, May 15, 2013

නිර්මාන ගැනයි හූනි කියන මෙි කතාව ...2

බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙනෙකු හිතල යමක් කරන එක ඇනහිටිනු ඇත. එමෙන්ම, එය සමහර විට මුල් නිර්මාණකරුගේ අනුමැතියක් නොමැතිව සිදු වන්නේ නමි ,ඒ නිසා අවමානයට මෙන්ම අපහසුතාවයට ලක් වීම නොවැලැක්විය හැකිය...                                            අනුකරණයෙන් යමක් ඉගෙන ගන්න එක වරදක් නැත..එහෙත් තමන්ව කොපි කර වෙන අයෙකු දක්ෂයෙකු ලෙස ලෝකෙට පෙන්වනවට කිසිවකු කැමති නැත  .     

                             
                                                                                                                                  

 මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි...   සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්‍යයකුටම දැනේ ..එහෙත් ඔහුගේ මනසේ ක්‍රියාකාකාරීත්වය හා එහි දියුනුව අනුව ,ඔවුන් හැගීමි දැනීමි  පිටතට විහිදුවාලයි.. සමහරු එය නිර්මාන වශයෙන් ඉදිරිපත් කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලගාකර ගනිති.. ඒ සදහා ලේඛන කලාව එක් මාධ්‍යයක්  කර ගනි . ඒ නිසා ලියන කියන  දෙයින්  කිසිවිට කෙනෙකුව මෙවැනි යැයි නිගමනය කරන්න ඉක්මන් නොවෙන්න....   

කෙනෙකු බොහෝ විට නිර්මාණයෙහි යෙදෙන්නේ අත් දැකීමෙන් නොවෙි ...ඒ සිත‍ේ මැවෙන අත් දකින බොහෝ දේ  අත් දැකීමක් ලෙසින් ඉදිරිපත් කරන්නේ එය වඩා සාර්ථක නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමටය. ඒ නිසා කෙනෙකු යෙදෙන නිර්මාණ වලින් ඔහු හෝ ඇය කෙබදු කෙනෙක්දැයි අනුමාන කිරීම නිවැරදි නොවෙි.. හූනිගේ අදහස එයයි...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...