Monday, May 6, 2013

ලමා ලොවට පිය නගා වර්තමාන හා අනාගතය දෙස බැලීම

ලමා ලෝකය පිවිතුරුය, අහිංසකය ,සුන්දරය මල් මෙන් සියුමැලිය ...වැඩිහිටියන් මෙන් නොව ලමුන්, හදවතින් ලෝකය දකි.. ඒ සොදුරු ලොවට වැඩිහිටියන් වන අපට කිසි දවසක ලගා විය නොහැකිය..

වර්තමානයේ සිට ලමා ලොවට පිය නැගූ විට කාටත් මෙවන් සොදුරු අත්දැකීමි නිසැකවම  මතකයට නැගෙනු ඇතිවාට සැක නැත ... දෙමවිපියන්  ආරක්ෂාව රැකවරණය ගැන සැලකීමත් වූ හැටි. සමහර විට පමන ඉක්මවා යමි යමි දේ ක්‍රියාත්මක වන විට වරෙක සිත රිදුනත්, ඒ බොහෝ දේ අපගේ යහපත වෙනුවෙන් කල ඒවා බව වර්තමානය වන විට වටහා ගැනීමට අපට අපහසු නැත.

ලමා ලොව සුන්දරය.. වැඩිහිටියන්ගේ මෙන් හිතේ තියෙන්නෙ වෙන එකක් පෙන්නන්නෙ තව එකක් නැත.. රැවටීමි නැත.. බොරු මවා පෑමි නැත.. සත්‍යය හැම විට මෙි අය වටා සැරිසරති.  එහෙත් තමා වැඩෙන පරිසරය අනුව මෙි අයගේ ජීවන රටාව වෙනස් වෙි.. එමෙන්ම ඒ අනුවම ලමයා තුලින් වැඩිහිටියෙකු උපදී ...


ලමයා කෙමෙන් වැඩිහිටියෙකු බවට පත්වන පත් වන විට  සමාජය ගැන බොහෝ දුරට අවබෝධ කර ගනී. දුර දක්නයකින් බලනා සේ බලා ..ජීවිතයේ ගැඹුර, හරය ගැන වටහා ගනීවි. 

ලමයා කෙමෙන් වැඩිහිටියෙකු බවට පත්වන පත් වන විට  සමාජය ගැන බොහෝ දුරට අවබෝධ කර ගනී. දුර දක්නයකින් බලනා සේ බලා ..ජීවිතයේ ගැඹුර, හරය ගැන වටහා ගනීවි.
 වැඩිහිටියෙකු වුවත් දුර දක්නයකින් බොහෝ දුර දැකි හැකි බව ඇත්තය ...එසේ බලන විට බොහෝ දේ පෙනෙන බවත් ඇත්තය...  එසේ බාහිරව ඇති දේ නැරඹුවාට , ජීවින් අභ්‍යන්තරව හදුනා ගැනීම අන්වීක්ෂයකින් කල නොහැකිය ... මොන පරීක්ෂන සිදුකර මොන දේ සොයා ගත්තද ,පිටසක්වල ඇතිදේ ගැන ගවෙිෂනයෙ යෙදී මොන සාර්ථක ප්‍රතිපල ලැබුවද, කුමන ජීවියා ගැන පරීක්ෂණ කර හදුනා ගත්තද ,මිනිසාට කෙදිනකවත් මිනිසා හදුනා ගැනීම, තේරුමි ගැනීමට කිසි දින නොහැකි විය ඒ සදහා සාර්ථක පරීක්ෂණ ක්‍රමයක්වත්  මෙ දියුනු ලෝකයේ තවම නැත... මිනිසා යනු මිනිසාටම තේරුමි ගත නොහැකි අභූත සත්වයෙකි....  බොහෝ මිනිස්සු ,මිනිසා දෙස බලන්නේ ඒ අයුරිනි.... කෙනෙකුට ජීවිත කාලයක් පරීක්ෂන පවත්වා  තේරුමි ගන්න උත්සහ කරත්, මිනිසාට මිනිසා හදුනා ගැනීමට නොහැකි යැයි හූනිගේ නමි විස්වාසයයි ...

අවසානයේ... හූනි පවසනවා මෙසේ යමක් ....  මෙි අරුම ලොව ජීවත් වන අතීත, වර්තමාන, අනාගතයේ බබාලා ගැන දැන ගන්න ඔිනෙ නමි යමක්... අද වන විට යමි තරමකට වටහා ගෙන ඇතත් කවුරු කවුරුත්ය මක්... තව දුර දැකිය යුතුව ඇත... ඒ සදහා ලග විතරක් නොව,  තව දුර දැකිය යුතුව ඇත  කාලයක් ...  එවිට වැටහෙනු ඇත. සමහර විට මෙි අරුම මිනිස් බබාලා ගැන අනේ තේරුමි ගත හැකි යමක්...•‿•)

                              


                                                  නිමි

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...