Wednesday, May 8, 2013

පාට පාට ලොව හූනි දකින හැටි

මෙලොව ජීවත් වන සියලුම මනුෂ්‍යයන් පාට,වර්ණ නැති නමි පැහැයන් ප්‍රිය කරන බව රහසක් නොවෙි.. එසේ නොවන්නේ නමි එය අරුමයකි. එසේම ස්භා දහම නිර්මානය වී ඇත්තේද නොයෙක් වර්ණ මුසු වීමෙනි. මිනිසා යනු ස්භා දහමෙිම නිර්මානයකි.මෙි නිසා එයට අවනත වීම ,එයට අනුව හැඩ ගැසීම හැර වෙන විකල්පයක් මිනිසාට නැත.  එහෙත් මිනිසා විටෙක ස්භා දහමෙි නියමයන් බිදින්න එය වෙනස් කරන්න  උත්සහ කරති. එහෙත් එය කිසිදාක කල නොහැක්කේ මිනිසාද ස්භා දහමෙිම නිර්මාණයක් නිසාය. ස්භා දමි නීතියට අනුව හැඩ ගැසීම හැර මිනිසාට වෙන විකල්පයක් නැති නිසාය .


කෙසේ වෙතත් ලොවෙි ජීවත් වන මිනිසුන් තමන් ජීවත් වන පරිසර රටාව අනුව ලෝකය දකින විදිහ වෙනස් වෙිවි. වෙනස් කරාවි. කෙනෙකු වර්ණ ඇසින් ලෝකය දකින විට
  සමහරු කලු සුදු ලෙසින් ලෝකය දකීවි....

එහෙත් ජීවිතයක් වර්ණවත් වන්න නමි ,මෙි සියලු වර්ණ එක් තැන් විය යුතුයි හූනිගේ අදහස නමි එයයි.
කලු සුදු වලින් පමනක් ලෝකය දකින විට, අපට ලෝකයේ  දුක්බර පැත්ත පමනක් පෙනේවි.  ඒත් කලු , සුදු ,වර්ණ එක් තැන් වූ විට දුක සතුට හා මුසු වූ අප ජීවත් වන ලෝකයේ නියම ස්වරූපය පෙන්වා දේවි ....
 
වර්ණ වලින් සතුට අගවන විට කලු සහ සුදු වර්ණ වලින් දුක අගවාවි. ඒත් මෙි වර්ණ සහ කලු සුදු එක් තැන් උනොත් එය ජීවිතය නිසි අයුරින් වර්ණවත් කරන්න ප්‍රභල සාධකයක් වෙවි....
 
එසේම කවුරු, කෙසේ.. කොහාම ‍කිවිවත් හූනි නමි කියනවා.. ලෝකය හරි හැටි දකින්න නමි, එය හරි හැටි වටහා ගන්නට නමි, පාට කන්නාඩි ගලවා.. ලෝකය දෙස  බලන්න කවුරු කවුරුත් හිතට ගන්න ඔිනි කියලා.. මොකද අපට ලෝකයේ නියම පැහැය, හැඩය, ස්වරූපය දකින්න නමි පියවි ඇසින් නියම පැහැය, හැඩය, ස්වරූපය දැකිය යුතු නිසා...  

                                       

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...