Wednesday, May 8, 2013

බොහෝ දෙනා ලෝකය දකින විදිහ ගැන හූනි දකින විදිහ...

බොහෝ විට බොහෝ දෙනා ලෝකය දකින්නේ.. එකිනෙකට වෙනස් ආකාරයෙනි... කෙනෙකු යමි දෙයක් ගැන සිතන දේ.. ගැන තව කෙනෙකු වෙනස් අයුරකින් දකී..

    අද සමාජයේ බොහෝ ප්‍රශ්න වලට හේතුව කුඩා දේ ලොකු කර ගැනීමය.. පවුලක සිට  ඉහල සමාජය දක්වා බොහෝ ගැටලු වලට හේතුව මෙයයි ...මෙය සමාජික, වාර්ගික, ආගමික ,ජාතික, ගැටලු බොහෝමයකට මුලයි.. කෙස් ගසක් නිසාද ,රුපියලටද , බිමි අගලටද, මිනිමරා ගන්නේ, ඇන කොටා ගන්නේ මෙ නිසාය, කෙස් ගසක් වැනි දෙයක් කොස් ගසක් සේ  ලොකුවට දකින නිසාය...

    

සමහර විට ඔබ යමක් දැක සිතන දේ.. නොවෙි මා දකින්නේ.. එසේ වෙනස් ලෙස දකින ලෝකය අපි හරි කියා සිතන දේ...තව කෙනෙකු වැරදි ලෙස දකින්නත්, අප වැරදි කියා සිතන දේ.. වෙනත් අය හරි කියා සිතන්නත් හේතුවෙි..
මෙි වෙනස විටක අපට මහා ගැටලුවක් සේ පෙනුනත්, එය කවදාවත් අපට වෙනස් කල නොහැකිය.. ඒ මෙ අප එකිනෙකා දකින විදිහේ වෙනස නිසා ...එකම විසදුම ඒ වෙනසට ඔරොත්තු දෙන විදිහට අප ජීවත්වීමය...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...