Sunday, February 10, 2019

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අපේ ජීවිතය වැනිය  


මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒ හැම මලකම කුමක් හෝ ලස්සනක් සැගවී ඇති නිසා ... ඒ ලස්සන ටිකෙන් ටික වෙනස් වී පරවී යන නිසා මල බොහෝ විට අපට අප ජීවිතත් මෙසේ යැයි මොහොතකට හෝ  අවබෝධ කර දේවි.....










Monday, June 26, 2017

තමාම නොවෙද? තම ජීවිත කතාවෙි ලේඛකයා වන්නෙ ..

තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය ....       
    ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද?  බොහෝ විට තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නේ තමා නොවෙද? ....එය සුන්දර මෙන්ම අසුන්දර මාවතකට ගෙනි යනු ලබන්නේ කිසිවකුගේ බලපෑමකට සිදු නොවෙි නමි හැම විටම තමන් ගන්නා තීරනයන්හි ප්‍රතිපල නිසා නොවෙද? එහි ප්‍රතිපල වල හොද හෝ නරක භුක්ති විදින්නේ තමා නොවෙද?

කෙනෙකු ජීවිතේ දිහා කොහොම බැලුවත් ජීවිතය අනියතය... එය කෙසේ ගෙවූවත්,  කෙදිනක හෝ අවසන් වනු ඇත.. තමා ලබා උපන් හැටියට අඩු වැඩි වශයෙන් එම කාලය පවතිනු ඇත.. එහෙත් බොහෝ අය තමා කෙදිනක හෝ මියයන බව නොසිතති.. හැම දේ පිලිබදව ඇලී ගැලී ජීවත් වෙි.. එම ආශාව නිසා ඔිනම දෙයක් කිරීමට ලෑස්ති වෙි.. තමන් කරනා කියනා දේ තමන්වත් නොදනී... එහෙත්  ස්භා දහම ගැන අවදානයෙන් සිටිනා කෙනෙකුට ස්භා දහමෙන් අපූරු දෑ උගත හැකි වෙි... එහෙත් බොහෝ අය ඒ ගැන හරි හැටි වටහා නොගනී... ඒ නිසා ස්භා දහම විදිනු වෙනුවට විදවනු ඇත..  අවසානයේ පවසමි මෙසේ.... ජීවිතය ගෙවිය හැකි නමි කෙනෙකුට ලොවට දැනෙන්නට හොද විදිහට.... සතුටින් මිය යා හැකිය කෙදිනක හෝ ... යමක් ලොවට කලා යැයි සතුටක් හිතේ රදව ගෙන....  
                   

Thursday, November 20, 2014

ජීවිත ගමනේ බාධක හමුවෙි...

ජීවය නමි බර උසුලා ගෙන මෙි යන ගමනේ කෙනෙකුට ...  බොහෝ දේ ඇතත් ලොවෙන් ඉගෙනුම යමක් ඒ සැමදේ පලක් නොවුත් ඉතින් ...    
 එහෙත් නොබියව පැවසිය හැක යමක්....       ලොවෙන් හීයක වෙිගයෙන් ඇදී එන බාධකවලට .... බාධා විය හැකි යමක් දැන සිටීම...                         කාට කාටත් ගුනදායක වන බවත්...                            

කරදර බාධක කමිකටොලු මෙි කියන දේවල් මෙලොව ජීවත් වන කාටත් අරුමයක් නොවෙි
..ගග ගලන්නේ.. බාධක හමුවෙි මෙන්, ජීවන ගමනත් ගගක් සේ... ඒ බාධක මැදින් ගලා යන්නේ.. 
ඒ ගමනෙදී බාධක අවහිර අවම වන තරමට ජීවන මග පහසුවක් ගෙන එනවාට සැක නැත...
 ගගට ශක්තිය නැති වුනත් මිනිසාට නමි තම ජීවන ගමන් මගෙ අැති බාධාවන් ඉවත් කර ගැනීමට යමි හැකියාවක් අැත.
ඒහෙත් ඒම බාධක ඉවත් කිරීමෙදී එහි ඇති මානුෂිකදැයි සිතා බැලීම වැදගත්ය...
සමහරු ජීවත් වන්නේ හෙටක් නැතැයි සිතා මෙනි.. අප ජීවිත කෙසේ ගෙවුවද .. බාලගිරි දෝෂය මෙන් හැමදාම හෙටක් ඇත... සමහරු ඒ ගැන මොහොතකටවත් නොසිතුවාට...
ඒත් ඒ නිසාවෙන් තාමත් නොලැබූ හෙටක් කර තබා නොගෙන...   අපටත් හෙටක් අැතැයි හිතා ගෙන.. අද දවස හොදින් ගෙවීම නාෙවෙද? වැදගත් වන්නේ..
කාහට වුවද..අද මෙන්ම හෙට දවසත් හොද විදිහට ගෙවන්නට නමි..
                               ----------නිමි----------    
 


Tuesday, November 18, 2014

ඇදුම නිසා ඇද ගැනීම

සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්‍රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැනීමට සමහරුන් ගෙන් හැකිය. ඔිනෙම කාන්තවකට හෝ පිරිමියෙකුට කට පුරෝලා මහත්මයා හෝ මහත්මිය යනුවෙන් කෙනෙකු ආමන්ත්‍රනය කිරීමට ඔහුගේ හෝ ඇයගේ පෙනුම හෝ ඇදුමි විලාශය ප්‍රභල ලෙස බලපානු ඇත. එහෙත් මෙි නිගමනය කොතරමි දුරට සාධාරනද? නිවැරදිද? යන්න ටිකක් සිතා බැලිය යුතුය.   බලන්න   සර් යනු විශිෂ්ඨ සහ සමාජයට වැඩදායි යන අර්ථයෙන් සර් (ශ්‍රීමත්)යන ගෙෘරව නාමයක් ලෙස  ඉංග්‍රිසි ජාතිකයන් කෙනෙකු හදුන්වාදීමට ලබා දුන් ගෙෘරව නාමයක් ලෙසින් හූනි අසා ඇත.  මෙය ලංකාවෙි ප්‍රචලිත වීමට හේතුව වන්නෙ ලංකාව විදේශිකයන්ගෙ  යටත් විජිතයක්ව පැවතීම නිසාය. අද එසේ නොවුනත් මෙසේ ඇමතීම වත්මන් සමාජයෙන් ගිලිහී නොගොසින් තවමත් වල්මත් වී හෝ පවතින්නේ මිනිස් සමාජය බොහෝ විට මහන්තත්වයට කැමති නිසා යැයි හූනිගේ හැගීමයි.  උස් පහත් භේදයකින් තොරව අද සමාජයේ කලිසම අදින ඔිනෙම කෙනෙකු තරාතිරම නොබලාම නන්නාදුනන්නෙකු ගෙන් ජීවිතේ එක වරක් හෝ මහත්මයා යනුවෙන් අසා ඇතුවාට සැක නැත.ඒ තරමට මහත්වරු අද වැහි වැහැලාය. මෙි අය සමාජයට කරපු හා තව දුරටත් කරන සේවය ගැන නමි  නමිබු නාම දී කතා කරන අය දන්නේ නැතුවාට සැක නැත. මෙි අය කවුදැයි නොහදුනන නිසා... 
  මෙසේ මහත්මයා හා මහත්මිය යන වචනවල නියම අරුත නොදැන පාවිචිචි කිරීම නිසා එය තව දුරටත් හෑල්ලුවට ලක් වීම නොවැලැක්විය හැකිය
                          ( මෙසේ ඇදුම හා පෙනුම නිසා කෙනෙක් නෝනා කෙනෙකු හෝ මහත්මයකු නොවන වග තව දුරටත් තහවුරු කර ගැනීමට හූනි කියූ 

ඇදුම ගැනයි මෙි කතාව

මතකයට නගා ගන්න. 

 අවසානයෙ පවසනවා මෙසේ.... 
කවුරු කෙසේ ,කොහොම , ,මොනවා කිවිවත් හූනි නමි මෙි නිසා ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මනින්න ඉක්මන් වෙන්නේ නැහැ.. එ් වගේම ඇදුම දෙස බලා කෙනෙකුට නමිබු නාම දෙන්නත් ඉක්මන් වෙන්නේත් නැහැ..                   

                                                            

Thursday, November 13, 2014

ඇදුම ගැනයි මෙි කතාව

අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමින් බලන කෙනෙකුට සිතා ගන්න අපහසු නැත. මෙි ඇදුමි නිසා බොහෝ විට කරදරයට හිරිහැරයට පත් වන්නේ ගැහැනු අයය.. එහිදී  සමහර විට තමන් විහින්ම කරදරයට පත් වන අවස්ථාද ඇත.

අද වෙන විටත් හූනිත් පහසුව ලේසිය කාලය අනුව සාමන්‍ය ගමන් වලට කලිසමි අදින්න පෙලඹෙනවා.. වගේම  කැමැත්තක් දක්වනවා..  එය වෙන ඇදුමකට වඩා ආරක්ෂාකාරී කියා හූනි හිතන නිසා...(හැමෝම  කැමති වගේම පහසුවෙන් එදිනෙදා ජීවිතය ගෙවා යන්නට)


ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මනින්න ඉක්මන් නොවෙන්න. මොකද? ශාන්ත දාන්ත බව මෙන්ම තමන්ගේ තරා තිරම ඇදුමින් පිටට පෙන්වන.. පෙන්නන්න උත්සහ කරන සමහර අය සමහර විට ඇදුමෙන් මවා පානවා වගේම හැසිරීමත් බොරුවට මවා පාන්නෙක්.. මවා පාන්නියක් විය හැකි නිසා ..          -------------------මෙි හූනි පෙර කියූ කතාවක් සමහරු ඇදුමට නමිබු නාම දී පටලවා ගන්නා හැටි ගැන වැඩි පුර යමක් දැන ගැනීමට----------------------------- 

 

   කියවන්න....

නිගමනය- ඇදුම යනු- සමහරුන්ට වදයකි ..සමහරුන්ට ඇනයකි .. සමහරුන්ට අදින්න ඔිනම නිසා අදින්නකි... සමහරුන්ට නමි කන්න බොන්න හිග වුනත් මෝස්තරයට ඇදුම පෙන්නට ඕන වන්නකි..එකත් එකටම ඇදුමත් පුදුමකි.. මිනිසුන් වෙනස් ලෙස පෙන්වන්නකි... ඒ නිසා අද වගේ කාලයක ඇදුමෙන් පැලදුමෙන් මිනිසුන් මැනීම මෝඩකමකි



ඉතින් මෙි ගැන හූනි දකින විදිහයි  කෙටියෙන් පැවසූවෙි...                                                                       ---------------------------------------------   

Tuesday, November 4, 2014

හූනි කියන සේයා රූ සමගින් පුංචි පුංචි සත්‍යය කතා එකතුවක්


මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි...  


 යාල සිතුල් පවිව යන විට ඔබත් මෙි අකරතැබිබයට මුහුන දී අපහසුවට ලක් වෙලා ඇති.


 කදු තරනයෙදී බොහෝ අයට බහුලව මුහුන දෙන්න සිදුවන දෙයකි මෙි.. විශේෂයෙන් ශ්‍රීපාදය, වැඩිහිටි කන්ද වගේ ප්‍රදේශ වලදී ....


 ඒ වගේමයි වදුරො වාගේ සමහර මිනිසුන්  තව කෙනෙක් විරුද්ධ වෙද්දිත් කසල භාජන පෙනි පෙනී ඒවට නොදා කැලයට විසිකර වදුරෙක් වෙන හැටි ඔබත් අත් දැකලා ඇති.එසේත් නැති නමි  ඔබත් මෙහෙම කෙනෙක් නමි ඔබෙි ඒ වදුරු ගතියෙන් බැහැරව අදම මනුස්සයෙක් වෙන්න හිතට ගන්න...

නොදන්නා ප්‍රදේශ වල සංචාරයේදි අප තැනින් තැන ගසා ඇති මෙවැනි පුවරු ගැන සැලකීමත් වෙනවනේ... ඒත් සමහරු එහෙම නැහැනේ.. කවුරු හරි එපා කියන දේම කරන්න පුරුදු වුනු කටිටියක් ඉන්නවනේ.. එවන් අනාරක්ෂිත තැන් වල තමන් ගැන සැලකීමත් නොවී බැහැලා, නාලා අනතුරු සිදු කර ගන්නවනේ ...ඒ  අයට මෙි..                                    

අපට ඉද හිට දකින්නට ලැබෙන සමහර සතුන් පුදුමාකාරය.   




රිදුනු තරමට රිද්දන.... ඇය විය මිහි කත...

ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙි ...එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි ...
 මොහොතක් හිතලා බලන්න... ස්භා දහම රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භා දහමෙ විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි...  
 

                           

 
රිදුනු තරමට රිද්දන.... ඇය විය මිහි කත... ඇය තලා පෙලන විට.. වියරු විය මොහොතකට... ඒ සැහැසිකම අනේ සංවෙිදි සිතකට... හැකිද? කිසි විටෙක දරා ගන්නට... විටක සුනාමියක් ලෙසින් විත් දරුනුව අරන් ගියේ ජීවිත මහ මුහුද පතුලට... තව විටෙක ආවත් ගං වතුර ලෙසින්  සමහර පලාත් වලට.... තද නියගයෙන් පීඩා කෙරුවත් විටෙක තව තැන් වලට... ඒත් සුනාමියෙන් පසු ආ දරුනුම  ස්භාවික විපත නොවෙද? මෙි වුනේ  රටට... සැමගේ සිත් සතන් කමිපා කලා ඉතින් මොහොතකට....  ලමුන් ,මිනිසුන්, සතුන් එක තැන පන පිටින් වැලලුනේ... පූරුවෙ කල පවකට දෝ එකට... සිරුරුවත් හමිබ වෙිදැයි කිසිවකුට සහතික විය නොහැකිය තාමත් හරියට... වාසනවට මෙන් ජීවිත බෙිරුනත් සමහරුන්ගේ පූරුවෙි පිනට... ඥාතින් හිතවතුන් හොරු ගෙන ගිහිල්ලා අවාසනාවකට ආපසු ඇවිත් බලන විට... මොහොතකින් දෙමවිපියො අහිමි වෙලා සමහර දරුවන්ට...සමහර දෙමවිපියන්ට දරුවන් අහිමි වෙලා යලි කිසි දිනෙක නෙත නොගැටෙන්නට...මොහොතක් නෙත ගැටිලා වැනිය දරුනු හීනයකට... මෙිවා දුර සිට දකින අප හට මොහොතකට... නැගෙන ශෝකය මෙතෙක් යැයි වචනයෙන් කියනු බැරි විට... විපත සිදු වූ බිදුනු සිත් ඇති අයට වාවා ගන්නට ..කෙසේ හැකි වෙිවිද? මෙි ඛෙිදවචකය ඉතින් සැමදා සිහි වෙන තුරාවට..               

බලන්න... 

       ස්භාදමෙි අනුහස...

  

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...